Subject + has / have+ part participle Verb
කරලා තියෙනවා/වෙලා තියෙනවා/ඉදලා තියෙනවා.
නිශ්චිතව හදුනා
නොගත් කාලයක සිදුවූ දෙයක් ප්‍රකාශ කිරීමෙදී.
( මෙහිදී ක්රියාව සිදු උන නිශ්චිත කාලය වැදගත් නොවේ.)
· I
have seen that movie twenty times.
`මම ඒ ෆිල්ම්
එක බලලා තියෙනවා විසි වතාවක්
· I think I have met him once before.
මම හිතන්නෙ මම ඔහුව කලින් හමුවෙලා තියෙනවා.
· There have been many earthquakes in California.
කැලිෆෝර්නියාවේ භූමිකම්පා ගොඩක් වෙලා තියෙනවා.
· I have been to Mexico in the last year.
මම ගිය අවුරුද්දේ මෙක්සිකෝවට ගිහිල්ල තියනවා.
· Have you read the book yet?
ඔයා තාම මේ පොත කියවලා නැද්ද?
· Nobody has ever climbed that mountain.
කවුරුත් කවදාවත්ඒ කන්දට නැගලා නැහැ.
· I have been in London.
මම ලන්ඩන් වල ඉදල තියෙනවා.
· Has there ever been a war in the America?
ඇමරිකාවේ කවදාවත් යුද්ධයක් තිබිලා නැද්ද?
කාලපරිච්චේදයක් පුරා ඇති උන වෙනස්කම් ප්‍රකාශ කිරීමේදී.
· You have grown since the last time I saw you.
ඔයා වැඩිලා තියෙනවා මම අන්තිමට ඔයා දැකපු කාලෙ ඉදන්
· The government has become more interested in arts education.
රජයට කලා අධ්යාපනය කෙරෙහි වැඩි අවධානයක් ඇති වෙලා තියෙනවා.
· Japanese has become one of the most popular courses at the university since the Asian studies program was established.
ජපන් භාෂාව විශ්වවිද්‍යාලයයන්හි ජනප්‍රියම පාඨමාලවන්ගෙන් එකක් වෙලා තියෙනවා ආසියානු අධ්‍යාපනික වැඩසටහන පිහිටුවදා ඉදන්.
· My English has really improved since I moved to Australia.
මගේ ඉංග්‍රීසි වැඩි දියුණුවෙලා තියෙනවා ඕස්ට්‍රේලියාවට ගියදා පටන්.
එකම කර්‍යයක් වෙනස් වෙනස් කාලවලදී කිහිප
වරක් කල විට
· The army has attacked that city five times.
හමුදාව අර නගරයට පහර දීල තියෙනවා පස් වතාවක්.
· I have had five exams so far this term
මට තිබිලා තියෙනවා විභාග 5ක් මේ වාරයට
· We have faced many major problems while working on this project.
අපි මේ ව්‍යාපෘතිය කරන අතරතුර ප්‍රධාන ප්‍රශ්න ගනනාවකට මූණදීලා තියෙනවා
· She has talked to several persons about her problem.
ඇය පුද්ගලයන් කීප දෙනෙක්ට කතා කරලා තියෙනවා ඇයගේ ප්‍රශ්නය ගැන
පුද්ගලයන් හෝ මනුශ්‍ය වර්ගයා ලගාකරගත් දේවල් ප්‍රකාශ කිරීමෙදී.
· Man has walked on the Moon.
මිනිහා හදේ ඇවිදලා තියෙනවා.
· Our son has learned how to read.
අපේ පුතා ඉගෙනගෙන තියෙනවා කියවන්නෙ කොහොමද කියලා
· Doctors have cured many deadly diseases.
දොස්තරවරු මාරක රෝග සුවකරලා තියෙනවා.
· Scientists have split the atom.
විද්‍යාඥයන් පරමාණුව බෙදලා තියෙනවා.
අතීතයේ සිට
වර්තමානය දක්වා සිදු උන දෙයක්
· I have had a cold for two weeks.
මට දවස් දෙකක් තිස්සේ උණ තිබිල තියෙනවා.
· She has been in England for six months.
ඇය එංගලන්තයේ ඉදල තියෙනවා මාස 6ක්.
· Mary has loved chocolate since she was a little girl.
මේරි චොකලට් වලට ආස කරල තියෙනවා පොඩි ලමයෙක්කාලෙ ඉදන්.
අතීතයේදී ආරම්භ වී වර්තමානයෙදීද පවතින ක්‍රියා
My sister-in-law has been a teacher since 2000.
මගේ නෑනා 2000 ඉදන් ගුරුවරයෙක් වෙලා තියෙනවා.
David has worked in India since 1996.
කුමාර 1996 ඉදන් ඉන්දියාවේ වැඩ කරලා තියෙන්වා.
He hasn't smoked for three years.
ඔහු දුම් බීලා නැහැ අවුරුදු 3ක් තිස්සේ.
We have lived here for fifteen years.
අපි මෙහෙ ජීවත් වෙලා තියෙනවා අවුරුදු 3ක් තිස්සේ
ඉතා මෑතදී සිදු උන ප්‍රකාශ කිරීමේදී කිරීමේදී.(මෙහිදී සාමන්යයෙනa just යන පදය භාවිතා කරයි.
Emma has just washed her hair.
එමා ඇයගේ කොණ්ඩය හෝදල තියෙනවා.
We have just finished our lunch
අපි දවල් කෑම ඉවර කරලා තියෙනවා.

