Do/Would + you mind + Verb (ing)…..?

කරන්න පුලුවන්ද?

“Would” භාවිතයෙන් කාරුණික ඉල්ලීමක් හැගවෙන අතර “Do” යෙදූ විට එයි කාරුනික ඉල්ලීමක් නොවේ.not යන පදය ක්‍රියාපදය මුලට යෙදීමෙන් නොකරන්න පුලුවන්ද?/ කරන් නැතුව ඉන්න පුලුවන්ද? යන අදහසක් නිර්මාණය වේ.



·       Do you mind washing the car for me?

මට කාරය හෝදලා දෙන්න පුලුවන්ද?

·       Do you mind staying with the kids?

ලමයි එක්ක ඉන්න පුලුවන්ද?

·       Would you mind taking this book back for me?

මට මේ පොත ආපහු දෙන්න පුලුවන්ද?

·       Would you mind sending that mail for me?

මට අර ලිපිය එවන්න පුලුවන්ද?

·       Would you mind opening the window, please?

කරුණාකර ජනේලය ඇරල දෙන්න පුලුවන්ද?

·       Do you mind turning down the volume a little, please?

කරුණාකරල පොඩ්ඩක් සද්දේ අඩු කරන්න පුලුවන්ද?

·       Would you mind not smoking near the children, please?

කරුණාකර දුම් නොබොන්න පුලුවන්ද ලමයි ලග?

·       Would you mind lending me some money please?

කරුණාකර මට සල්ලි ටිකක් ණයට දෙන්න පුලුවන්ද?

·       Do you mind not coming here?

මෙහෙට  එන්නේ නැතුව ඉන්න පුලුවන්ද?/මෙහෙට නොඑන්න පුලුවන්ද?