විකල්පයන් තෝරගැනීමේදී මෙම වාක්‍ය රටාව භාවිතා කරයි
·
You should have either your password or your email ID
to enter the System.
·
පද්ධතියට ඇතුළු වීමට ඔබට ඔබගේ මුරපදය හෝ ඊමේල් හැඳුනුම්පත තිබිය යුතුය.
·
You can either stay here or come with us.
·
ඔබට මෙහි රැඳී සිටීමට හෝ අප සමඟ පැමිණිමට හැකිය.
·
It was either Shihan or Mihira who received your Letter.
·
ශිහාන් හරි මිහිරට හරි තමයි ඔයාගේ ලියුම ලැබුණේ.
·
If you get lost you can either call me or Mahesh.
·
• ඔයා අතරමං වුණොත් මට හෝ මහේෂ්ට කතා කරන්න පුළුවන්.
·
Either we go by bus or we rent a Van.
·
එක්කෝ අපි බස් එකේ යනවා නැත්නම් වෑන් එකක් කුලියට ගන්නවා.
·
Either you pay your debt to the bank or they take you
to court.
·
එක්කෝ ඔබ ඔබේ ණය බැංකුවට ගෙවන්න නැතහොත් ඔවුන් ඔබව උසාවියට ගෙන යයි.
·
She can either buy a frock or a trouser.
· ඇයට ගවුමක් හෝ කලිසමක් මිලදී ගත හැක
“Either or” හා සම්බන්ද කරණු දෙකම ඒකවචන නම් ක්‍රියා පදය ද ඒකීය වේ.
·
Either the father or the
mother has to attend the meeting
එක කරුණක් බහු වචන නම් ක්‍රියාපදය බහු වචන වේ
·
Either Uditha or his
friends are going to prepare lunch tomorrow.
Either+ a singular countable noun (ඒක වචන නාම පද) දෙකම යන අර්ථයක් නිරූපණය කරයි.
There were trees on either side of the road.
· පාර දෙපැත්තේම ගස් තිබුණා.
