Subject+ past simple verb + complement

උත්තම පුරුෂ  (Third person)tඒක  වචන නාම පද වාක්‍යයෙහි  උක්තය වශයෙන් යොදන විට ක්‍රියාපදය අගට "s"   එකතු කෙරේ.


ප්‍රථම පුරුෂ ඒක වචන නාම පද 

He , Boy ,Girl , Teacher ,Mother , It ,Erath , My dog  etc..

 

විශේෂ අවස්ථා.

ch, x, sh, ss, o, වලින් අවසන් වන ක්‍රියාපද   අගට “ es ”  එකතු කරයි.

 

My mother watches the television every evening.

It mixes the sand and the water

The carpet clashes with the drapes.

President addresses the meeting tomorrow.

He goes to school every morning.


  ක්‍රියාපදය  y වලින් අවසන් වී y අකුරට පෙර අකුර vowel අකුරක් නොවේ නම් ක්‍රියාපදයේ  අග y අකුර ඉවත් කර “ iesයොදයි.

 

He tries very hard  (try)

she studies French (Study)

A child cries in her sleep (cry)

 

 

 

භාවිතා කරන අවස්ථාවන්

Something that is true in the present (වර්තමානයේ සත්‍ය  වන සිද්ධියක් )

I am nineteen years old.

මට වයස 19 යි.

He lives in London.

ඔහු ලන්ඩන් වල ජීවත් වේ.

I am a student.

මම සිසුවෙක් වේ.

They are here now

ඔවුන් දැන් මෙහෙ.

 

Habitual action (පුරුද්දක් වශයෙන් සිදු කරන ක්‍රියා )

I brush my teeth at night.

මම රෑට දත් මදිනවා.

He drinks tea at breakfast.

ඔහු උදේ කෑම වේලෙට තේ බොනවා.

She only eats fish

ඇය මාලු විතරයි කන්නේ.

I smoke

මම දුම් බොනවා.

 

Frequently repeating (නිතර නිතර සිදුකරන ක්‍රියා )

We catch the bus every morning.

අපි හැමදාම උදේට බස් එක අල්ලගන්නවා.

It rains every afternoon in the hot season.

රස්නෙ කාලෙට  හැමදාම හවසට වහිනවා.

He looks at me in class

ඔහු පංතියේදී මං දිහා බලනවා.

She always forgets her purse.

ඇය හැමවෙලේම ඇයගේ ප’ර්ස් එක අමතක කරනවා.

At the weekend, we usually go to the market.

සති අන්තෙට අපි සාමාන්‍යයෙන් වෙලදපොලට යනවා.

The train does not leave at 9 AM.

කෝච්චිය 9ට පිටත් වෙන්නෙ නැහැ.

 

 

General truth (සාමාන්‍යයෙන්  සත්‍ය සිද්ධි )

The sun rises in the east

ඉර පායන්නේ නැගෙනහිරින්.

Water freezes at zero degrees.

වතුර මිදෙනවා උශ්ණත්වය 0 දි.

The Earth revolves around the Sun.

පෘථිවිය පරිභ්‍රමණය වෙනවා ඉර වටේ 

Windows are made of glass

ජනේල හදලා තියෙන්නේ  වීදුරු වලින්.

California is in America

කැලිෆෝනියාව තියෙන්නේ ඇමරිකාවේ.

London is a large city

ලන්ඩනය ලොකු නගරයක් වේ.

Plants die without water.

පැල මැරෙනවා වතුර නැතුව.

Two and two make four.

2 යි 2 යි 4 යි

 

For fixed arrangements (අනාගතයේ සිදුවන ස්ථීර සිදුවීම් )



His mother arrives tomorrow.

ඔහුගේ අම්මා හෙට එනවා.

Our holiday starts on the 26th March

අපේ නිවාඩුව මාර්තු 26 ඉදන් පටන් ගන්නවා.

The train leaves tonight at 6 PM.

කෝච්චිය අද රෑ 6ට පිටත් වෙනවා.

Your exam starts at 09.00

ඔයාගේ විභාගය 9 ට පටන් ගන්නවා


තවත් භාවිතා කරන අවස්ථාවන්

ක්‍රීඩා   විස්තර විචාරයේදී

 

Chris Brown tackles well,

he turns with the ball

Ronnie passes to Jim, he shoots, he scores

Kumara Sangakkara comes to the pavilion.

 

පුවත්පත් සිරස්තල

 

Speaker meets with UN Secretary-General

President asks for time to move slow on reconciliation

Mathews says extra protection in helmets a must

 

උපදෙස් /විධාන

Open the packet and pour the contents into hot water.

You take the No.6 bus to Watney

You walk for two hundred meters, then you turn left.

 

නාට්‍ය වල ,පොත් වල ,චිත්‍රපට වල සිදුවන දේවල් කතා කිරීමේදී 

The hero dies at the end of the film.

A young woman travels through Europe, where she meets different people, and finally falls in love.

In this book, an army invades Britain.

The main character is very pretty and works in a bookshop.

 

Stative verbs (continuous tenses වලදී යොදන් නැති නමුත් දැන් වෙමින් පවතින ක්‍රියා  )

This soup tastes great.

You look fabulous.

I think she is very pretty.

I am cold.

I promise I will help you.

I have a car

 

Adverbs of frequency

පහත වචන Simple Present Tense සමග බහුලව යෙදේ.

normally, always, usually, often, rarely, once+time, evey+time, seldom, generally, hardly ever, occasionally, never, frequently

 

Normally she likes to wear saree.

සාමාන්‍යයෙන් ඇය සාරි අදින්න කැමතියි.

I generally get good marks

මම සාමාන්‍යයෙන් හොද ලකුනු ලබා ගන්නවා.

I visit my uncle once a month

මම මසකට වරක් මගේ මාමව බලන්න යනවා.

Once a week, the car is cleaned by Tom.

සතියකට වරක් කාර් එක හෝදන්නේ ටොම්.

He is never late for class

ඔහු කවදාවත් පංතියට පරක්කු වෙන්නෙ නැහැ.

She rarely cooks

ඇය කලාතුරකින් උයන්නේ.

I always come to school by bike

ඔහු හැම වෙලේම පාසලට එන්නේ බයික් එකෙන්.

I hardly ever get angry

ඔහු තරහා ගන්නේ නැති තරම්.

I don’t come here very often

මම මෙහෙට නිතරම එන්නෙ නැහැ.

I frequently read in bed at night

මම නිතර රෑට ඇදේ ඉදන් කියවනවා.

He usually eats breakfast at 7 am

මම සාමාන්‍යයෙන් උදේ කෑම 7ට කනවා.

I play football every weekend

මම ෆුට්බෝල් සෙල්ලම් කරනව හැම සතියෙම.

Every august devotees go to Kataragama

හැම අගෝස්තු වලම සැදැහැවතුන් කතරගම යනවා.

I seldom put salt on my food

මම ඉදහිට මගේ කෑමට ලුනු දානවා.

I occasionally  go to bed late

මම ඇතැම් විට පරක්කු වෙලා ඇදට යනවා.