Simple Past Tense - Active Voice

Active voice

Subject+ past simple verb + Object

 Regular Verbs

අතීත කාල ක්‍රියාපද  “ed” වලින් අවසන් වේ.

·        Accept  - accepted

·        Brake    - braked

·        Collect  - collected

·        Enjoy    - enjoyed

 

e, වලින් අවසන් වන ක්‍රියාපද   අගට “ d ”  එකතු කරයි.

 

Hate         hated

Assume    assumed

ක්‍රියාපදය  y වලින් අවසන් වී y අකුරට පෙර අකුර vowel අකුරක් නොවේ නම් ක්‍රියාපදයේ අග y අකුර ඉවත් කර “ ied” යොදයි

Carry      carried

Study      studied


ක්‍රියාපදය y වලින් අවසන් වී y අකුරට පෙර අකුර vowel අකුරක් වේ නම් ක්‍රියාපදයේ  අගට “ ed ”  එකතු කරයි

Play           played

Enjoy        enjoyed


සමහර ක්‍රියාපද අග vowel අකුරක් නොවී ඊට පෙර අකුර vowel අකුරක් වෙන අවස්ථාවක ක්‍රියාපදයේ  අග  අකුරට එම අකුරම එකතු කර අවසානයේ “ ed ” යොදයි

 

Plan       planned

Stop       stopped

 

Irregular Verbs

අතීත කාල ක්‍රියාපදය  “ed” වලින් අවසන් නොවේ.

·        Awake   - awoke

·        Blow      - blew

·        Catch     - caught

·        Drink      - drank


භාවිතා කරන අවස්ථාවන්

 (අතීතයේ සිදු කල  හෝ සිදු උන දෙයක් ප්‍රකාශ කිරීමේදී   )

I saw a movie yesterday.

මම ඊයේ ෆිල්ම් එකක් බැලුවා.

I didn't see a plane yesterday.

මම ඊයේ ගුවන් යානයක් දැක්කෙ නැහැ.

Last year, I traveled to Japan.

ගිය වසරේ මම ජපානෙට ගියා.

She washed her car.

ඇය ඇගේ කාරය හේදුවා.

We gave her a doll for her birthday.

අපි ඇයගෙ උපන්දිනේට බෝනික්කෙක් දුන්නා.

My parents came to visit me.

මගේ දෙමාපියන් මාව බලන්න ආවා.

She had a headache yesterday.

ඇයට ඔලුවෙ කැක්කුමක් තිබුනා.

We did our homework last night.

අපි ඊයෙ රෑ අපේ ගෙදර වැඩ කලා.

  


Simple Past tense with “be” verb (was/ware)

I was in Japan last year

මම ගිය වසරේ ජපානේ සිටියේ

I was tired this morning.

මට මහන්සි තිබුනා උදේ.

They were hungry

ඔවුන් බඩගින්නෙ ඉදියේ.

It was a rainy day

එදා වැහිබර දවසක් විය.

They were happy with their test results.

ඔවුන් සතුටු උනා ඔවුන්ගේ විභාග m%;sM, වලට.

You were not at the party.

ඔයා පාටියේ සිටියේ නැහැ.