Past Perfect Tense - Active Voice

Subject + had+ part participle Verb

කරලා තිබුනා /වෙලා තිබුනා /ඉදලා තිබුනා.

 

·       You had studied English

ඔයා ඉංග්‍රීසි ඉගෙනගන තිබුනා.

·       John had gone out

ජෝන් එලියට ගිහිල්ලා තිබුනා.

·       I had decided

මම තීරණය කරලා තිබුනා.

·       The train had left

කෝච්චිය ගිහිල්ලා තිබුනා.

 

අතීතයේ කිසියම් නිශ්චිත කාලයකට පෙර සිදු වූ සිදුවීමක්

·       I had already fallen asleep before ten o'clock.

මට 10 වන විටත් නිදිමත දැනිල තිබුනා.

·       They had established their business before 2002.

ඔවුන් 2002 ට කලින් ඔවුන්ගේ වියාපාරය ස්ථාපිත කරල තිබුනා.

·       We had gotten married before 1985.

අපි 1985 ට කලින් බැදලා තිබුනා.

·       Nuwan had never played the drums until last night.

නුවන් ඊයේ රෑ වෙනකන් ඩ්‍රම් සෙල්ලම් කරලා තිබුනේ නැහැ කවදාවත්.

යමක් සිදුවීමට කලින් සිදුවූ වෙනත් l%sයාවක්.

·       I had never seen such a beautiful beach before I went to Nilaweli

මම ඒ වගේ ලස්සන වෙරලක් කවදාවත් දැකලා තිබුනේ නැහැ නිලාවැලි වලට යන්න කලින්.

·       I did not have any money because I had lost my wallet.

මගේ ප’ර්ස් එක නැතිවෙලා තිබුන නිසා මට සල්ලි කීයක්වත් තිබුනේ නැහැ.

·       Had Susan ever studied Thai before she moved to Thailand?

සුසාන් කවදාහරි ඉගෙනගෙන තිබුනද තායි භාෂාව  ඇය තායිලන්තයට යන්න කලින්?

·       She only understood the movie because she had read the book.

ඇයට ෆිල්ම් එක තේරුනේ ඇය පොත කියවලා තිබුන නිසා විතරමයි.

·       Nipuna had never been to an opera before last night.

නිපුන ඔපෙරාවකට කවදාවත් ගිහින් තිබුනේ නැහැ ඊයේ රෑට කලින්.

·       I had met him before you introduced us.

මට ඔහුව මුණගැසිලා තිබුනා ඔයා අපිව අදුන්නලා දෙන්න කලින්.

අතීතයේ යම්කිසි කාල සීමවක්.

·       We had had that car for ten years before it broke down.

අපිට ඒ කාර් එක තිබිල තිබුනා අවුරුදු 10ක් ඒක කැඩෙන්න කලින්.

·       By the time suneth finished his studies, he had been in London for over eight years.

සුනෙත් ඔහුගේ අධ්‍යයන  කටයුතු ඉවර කරපුකාලෙ වෙනකොට ඔහු අවුරුදු 8ක් ලන්ඩන් වල ඉදල තිබුනා.

 

·       you had used that pen before it was lost

ඔයා පාවිච්චි කරලා තිබුනා ඒ පෑන ඒක තැති වෙන්න කලින්.

·       mihiri had wanted a guitar, but she received a book

මිහිරිට ගිටාර් එකක් ඕන කරලා තිබුනා.නමුත් ඇයට ලැබුනේ පොතක්.

 

PAST PERFECT + JUST

 

·       The train had just left when I arrived at the station.

මම ස්ටේෂන් එකටයි යනකොට කෝච්චිය ගිහිල්ලා තිබුනා විතරයි.

·       She had just left the room when the police arrived.

ඇය කාමරයෙන් පිටවෙලා තිබුනා  විතරයි පොලීසිය එනකොට.

·       I had just put the cloth out when it started to rain.

වහින්න පටන් ගන්නකොට මම රෙදි එලියට දාල තිබුනා විතරයි.