Subject + has/have+ been + verb(ing) + Object
කරමින් ඉදලා තියෙනවා/ වෙමින් තිබිලා තියෙනෙවා
අතීතයේදී අරම්භ කර වර්තමානය වනතෙක් කරමින් පැවතුන ක්‍රියාවක්
ගිය පැය පුරාවට ඔවුන් කතා කරමින් ඉදලා
තියෙනවා.
· She has been working at that company for three years.
ඇය අවුරුදු 3ක් තිස්සේ
ඒ කොම්පැනි එකේ වැඩ කරමින් ඉදලා තියෙනවා.
· What has he been
doing for the last 30 minutes?
ඔහු අන්තිම මිනිත්තු
30 දී මොනවද කරමින් ඉදලා තියෙන්නේ?
· James has been teaching at the university since June.
ජේම්ස් ජූනි වල ඉදන් කැම්පස්
එකේ උගන්වමින් ඉදලා තියෙනවා.
· We have been waiting here for over two hours.
අපි මෙහෙ ගත කරමින් ඉදලා තියෙනවා පැය 2ක් පුරාවට.
· Why has
Nancy not been taking her medicine for
the last three days?
ඇයි නැන්සි බෙහෙත් අරන්ගනිමින්
ඉදලා නැත්තේ පහුගිය දවස් 3 පුරාවට.
· Sam has been working as a teacher since he graduated.
සෑම් ගුරුවරයෙක් ලෙස වැඩකරමින්
ඉදලා තියෙනවා උපාධිය ගත්තදා පටන්.
ඉතාම මෑතකදී කරමින්
ඉදලා තිබුන ක්‍රියාවක්.
· She has been cooking since last night
ඇය ඊයෙ රෑ ඉදන් උයමින්
ඉදලා තියෙනවා.
·
It's been raining
වහිමින් තිබිලා තියෙනවා
· Someone's been
eating my chips
කවුරුහරි මගෙ චිප්ස් කමින්
ඉදලා තියෙනවා.
· It
has been
thundering.
ගොරවමින් තිබිලා තියෙනවා.
අතීතයේදී පටන් ගෙන වර්තමානයේදීත් සිදුවෙන ක්‍රියා
· I've been learning Spanish
for 20 years and I still don't know very much.
මම ස්පැනිෂ් අවුරුදු
20ක් තිස්සේ ඉගෙනගනිමින් ඉදලා තියෙනවා. මම තාම වැඩිය දන්නේ නැහැ.
· I’ve been reading that
book you lent me. I’ve got another 50 pages to read.
ඔයා දුන්නු පොත මම කියවමින්
ඉදලා තියෙනවා.මට තව පිටු 50ක් කියවන්න තියෙනවා.
· She has been waiting for you
all day (and she's still waiting now).
ඇය ඔයා වෙනුවෙන් දවසම බලන් ඉදලා තියෙනවා.(තාම බලන් ඉන්නවා.)
· I've been working on this report since eight o'clock this morning (and I still
haven't finished it).
මම මේ ව්යාපෘතියේ වැඩ කරමින් ඉදලා තියෙනවා අද උදේඅටේ ඉදන්.(තාම ඉවර කරලා නැහැ.)
· They have been travelling since last October (and they're not home yet).
ඔවුන් ගිය ඔක්තෝම්බර් ඉදලා ගමන් කරමින් ඉදලා තියෙනවා.(තාම ගෙදර ඇවිත් නැහැ.)

