Subject + will/shall + infinitive + Object

*infinitive = ක්‍රියාපදයේ   මූලික අවස්ථාව

උත්තම පුරුෂ(First person) නාම පද (I, we ) සදහා “ shall ” භාවිතා කරයි.

I shall be late.

We shall not understand the situation until the facts have been collected.

:

මධ්‍යම පුරුෂ  (second person) හා ප්‍රථමපුරුෂ   (Third person)  kdu mo (You, He, She, It, They ) සදහා “ will”  භාවිතා කරයි.

They will cook dinner

She will call you today.

 

උත්තම පුරුෂ(First person) නාම පද (I, we ) සදහා “ will ” භාවිතා කරන විට ඒ තුල අධිෂ්ඨානයක් /පොරොන්දුවක් /විධානයක්/කැපවීමක්/ ස්ථීර ප්‍රකාශයක්  ගැබ් වී තිබේ.

I will do everything possible to help

We will get married in September

We will not interfere

මධ්‍යම පුරුෂ  (second person) හා ප්‍රථම පුරුෂ  (Third person)  නාමපද (You, He, She, It, They ) සඳහා  “ shall ” භාවිතා කරන විට ඒ තුල අධිෂ්ඨානයක් /පොරොන්දුවක් /විධානයක් /කැපවීමක් /ස්ථීර ප්‍රකාශයක් ගැබ් වී තිබේ.

You shall be sorry for this

You shall do as you're told.

It shall be done

 

Short forms (කෙටි යෙදුම්)

He’ll   = He will

I’ll       = I will / I shall

It’ll      = It will

They’ll = They will

won’t    =will not

භාවිතා කරන අවස්ථාවන්

to predict a future event (අනාගත සිදුවීමක් අනුමාන කිරීමේදී.)

It will rain tomorrow.

හෙට වහීවි.

The Pattern of exam will change next year.

විභාග රටාව ඊලග අවුරුද්දේ වෙනස් වේවි.

The year 2017 will be a very interesting year.

2017 අවුරුද්ද සිත්ගන්නා සුලු අවුරුද්දක් වේවි.

John Smith will be the next President.

ජෝන් ස්මිත් ඊලග ජනාධිපති වේවි.


to Express a Voluntary Action (ස්වේච්චාවෙන් සිදු කරන දෙයක්)

I will send you the information when I get it.

මම ඔයාට තොරතුරු එවන්නම් මට ඒව ලැබුනම.

I will translate the email, so Mr. Smith can read it.

මම ඊමේල් එක පරිවර්තනය කරන්නම්.ඒ නිසා ස්මිත්ට කියවන්න පුලුවන්.

I will get you some coffee.

මම ඔයාට කොෆී ටිකක් ගේන්නම්.

I'll pay for the tickets by card

මම කාඩ් එකෙන් ටිකට් වලට ගෙවන්නම්.


to Express a Promise (පොරොන්දු ප්‍රකාශ කිරීමේදී )

I won't tell anyone your secret.

මම ඔයාගේ රහස කාටවත් කියන්නෙ නැහැ.

I will be careful.

මම පරිස්සම් වෙන්නම්.

I will marry you.

මම ඔයාව බදිනවා.

I will always help you.

මම ඔයාට හැමදාම උදව් කරනවා.

 

Commands (විධාන)

You will report to me at eight o'clock tomorrow.

ඔයා මට හෙට 8 වෙනකොට වාර්ථා කරාවි.

Threats ( තර්ජන)

I will slit your throat with this.

මම ඔයාගෙ උගුරු දණ්ඩ කපනව මේකෙන්.

I will kill you

මම ඔයාව මරනවා.