supposed to - කරන්න තිබුනා

 

Subject + (am/is/are/was/were) + supposed to + (verb)

1හරි නම්  කරන්න ඕන/හරි නම් කල යුතුයි.

2හරි නම් කරන්න තිබුනා./හරි නම් කල යුතුව තිබුනා.

 

සිදු වීමට අවශ්‍ය දෙයක්/අවශ්‍යව තිබූ දෙයක්  යෝජනා කිරීමේදී මෙම වාක්‍ය  රටාව භාවිතා කරයි.

 

·       You are supposed to keep that secret.

ඔයාහරි නම් ඒ රහස රකින්න ඕන.

·       She is supposed to let me know when she leaves.

ඔයා හරි නම් ඔයා යනකොට මට දැනුම් දෙන්න ඕන.

·       You are supposed to stop when at a red light.

ඔයා හරි නම් රතු එලියෙදි නතර එන්න ඕන.

·       You are supposed to remain calm.

ඔයා හරි නම් සන්සුන්ව ඉන්න ඕන,

·       You are supposed to fasten your seat belt.

ඔයා හරි නම් සීට් බෙල්ට් එක බැඳගන්න ඕන.

·       He was supposed to invite all your friends.

ඔහු හරි නම් ඔහුගේ යාලුවෝ ඔක්කොටම අරාධනා කරන්න තිබුනා.

·       You are not supposed to decide before tomorrow.

ඔයාට හරි නම්  හෙටට කලින් තීරණය කරන්න බැහැ.

·       I am supposed to do my homework.

මම හරි නම් මගේ ගෙදර වැඩ කරන්න ඕන.




·       You are not supposed to be in here.

ඔයාට හරි නම් මෙතන ඉන්න බැහැ.

·       He is supposed to go tonight.

ඔහු හරි නම් අද රෑ යන්න ඕන

·       She is not supposed to blame him.

ඇයට හරි  නම් ඔහුට බනින්න බැහැ.

·       We were supposed to  discuss that matter

අපිට හරිනම් ඒ කාරණය සාකච්ඡා කරන්න තිබුනා

·       This restaurant is supposed to make excellent salads.

මේ ආපනශාලාව හරි නම් සුපිරි සැලඩ් හදන්න ඕන.

·       She was supposed to know how to behave properly.

ඇය හරි නම් හරියට හැසිරෙන්න දැනගන්න තිබුනා.