Explaining absence

·       I’m afraid Mr Isuru isn’t in at the moment.

මට කනගාටුයි. ඉසුරු මේ වෙලාවේ නැහැ වගේ.

 

·       I’m sorry; he’s in a meeting at the moment.

මට සමාවෙන්න.ඔහු මේ වෙලාවේ මීටින් එකක.

 ·       I’m afraid he’s on another line at the moment.

මට කනගටුයි.ඔහු මේ වෙලාවේ වෙන ලයින් එකක වගේ.

 

·       I’m sorry, she’s on another call.

මට කනගටුයි.ඇය වෙන කෝල් එකක.

 

·       Mr. Isuru is out at the moment.

මිස්ට ඉසුරු මේ වෙලාවේ එලියේ.

 

·       I am afraid Isuru is not available at moment.

මට කනගාටුයි.ඉසුරු මේ වෙලාවේ නැහැ වගේ

 

·       I am afraid the line is engage. Could you call back later?

මට කනගාටුයි ලයින් එක එන්ගේජ් වගේ.ඔයාට පස්සේ කතා කරන්න පුලුවන්ද?

 

·       I am sorry. Mr. Isuru is out of the office today.

මට කනගාටුයි.මිස්ට ඉසුරු අද කාර්‍යාලයෙන් එලියේ.

 

·       I’m sorry, Isuru is not in his office right now.

මට කනගාටුයි.ඉසුරු දැන් ඔහුගේ කාර්‍යාලයේ නෙමේ ඉන්නේ.

 


Problems

·       I’m sorry, I don’t understand. Could you repeat that, please?

මට සමාවෙන්න.මට තේරෙන්නේ නැහැ.ඔයාට නැවත ඒක කියන්න පුලුවන්ද?

 

·       I’m sorry; I can’t hear you very well. Could you speak up a little, please?

මට සමාවෙන්න.මට ඔයාව හොදට ඇහෙන්නේ නැහැ. ඔයාට ටිකක් හයියෙන් කතා කරන්න පුලුවන්ද

·       Could you spell that, please?

·       Would you mind spelling that for me?

ඔයාට ඒකෙ අකුරු කියන්න පුලුවන්ද?

 

·       Let me read that back to you

මම ඔයාට නැවත ඒක කියන්නම්

 

·       Could you speak up a little louder, please?

ටිකක් හයියෙන් කතා කරන්න පුලුවන්ද?

 

·       Could you repeat that please?

·       Could you say that again?

ඔයාට නැවත ඒක කියන්න පුලුවන්ද?

 

·       I can barely hear you.

මට ඔයාව ඇහෙන්නෙ නැති තරම්.

 

·       You’re breaking up. Could you call me back?

ඔයාව කැඩි කැඩී ඇහෙන්නේ.ආපහු කතා කරන්න පුලුවන්ද?

 

·       Sorry – I didn’t catch what you just said.

සමාවෙන්න මට ඔයා කියපු එක තේරුනේ නැහැ.

 

·       Sorry, I didn’t catch that.

සමාවෙන්න මට ඒක තේරුනේ නැහැ.

 

·       Can you speak little slowly please?

ඔයාට ටිකක් හෙමීට කතා කරන්න පුලුවන්ද?

 

·       Could you speak a little more slowly please?

ඔයාට තව  ටිකක් හෙමීට කතා කරන්න පුලුවන්ද?

 

·       Can you call me back please? I am unable to hear you.

ඔයාට පස්සෙ කතා කරන්න පුලුවන්ද?මට ඔයාව දැන් ඇහෙන්නේ නැහැ.

 

·       I am afraid I can’t hear you.

මට ඔයාව ඇහෙන්නේ නෑ වගේ.

 

·       I’m afraid the line is quite bad.

ලයින් එක හරි නෑ වගේ.

 

·       Can you hear me?

ඔයාට මාව ඇහෙනවද?

 

·       Can you call me back? I think we have a bad connection.

ඔයාට අයෙත් කතා කරන්න පුලුවන්ද?මන් හිතන්නේ අපේ කනෙක්ශන් එක හොද නැහැ.

 

Connecting someone

 

·       Hold on, please.

කරුණාකර රැදී සිටින්න.

 

·       Hold the line, please.

ලයින් එකේ රැදී සිටින්න.

 

·       Just a sec. I'll get him. (informal)

තප්පරයක් දෙන්න.මන් ඔහුව ලබාගන්නම්.

 

·       Hang on one second. (informal)

තප්පරයක් ඉන්න.

 

·       Hang on a moment, I’ll put you through’

මොහොතක් රැදී සිටින්න මම ඔයාව  සම්බන්ධ කරන්නම්.

 

·       Please hold and I'll put you through to his office.

රැදී සිටින්න මම ඔයාව කාර්‍යාලයට සම්බන්ධ කරන්නම්.

 

·       Could you hold the line, please?

ඔබට ලයින් එකේ රැදී සිටින්න පුලුවන්ද?

 

·       One moment please.

·       Just a moment, please.

මොහොතක් දෙන්න.

 

·       Thank you for holding

රැදී සිටියාට ස්තූතියි.

 

·       I’ll put you through now.

·       I’ll connect you now.

·        I’ll transfer you now

මම ඔයාව සම්බන්ධ කරන්නම් දැන්.

 

·       I am connecting you now.

මම ඔයාව සම්බන්ධ කරනවා දැන්.

 

·       I can't get through at the moment

මට සම්බන්ධ කරගන්න බැහැ දැන්.

 

·       the line's engaged

ලයින් එක එන්ගේජ්